Blog

Plug එක ගහලා.. පුච්චගන්නවද? කරන්ට් වද්දගන්නවද?

  • වයරින් බාස් වයරින් එක නිසිආකාරව කරලා තියෙනවද කියලා දැනගන්නෙ කොහොමද?
  • නිවසේ, කාර්යාලයේ විදුලි ආරක්ෂාව ගැන සැලකිලිමත්ද?
  • නිවසේ, කාර්යාලයේ විදුලි පරිපථය නිසිආකාරව ක්‍රියාත්මක වෙනවාද?
  • නිවසේ, කාර්යාලයේ විදුලි පරිපථය දැන් පරණය්ද? අලුත්වැඩ්යාවකට කාලය හරිද?
  • ඔබේ නිවසේ කුඩා ළමුන් සිටිනවාද? ඔවුන් ආරක්ෂිතද?
  • විදුලි පරිපථය නිසි ආකාරව ක්‍රියා නොකරොත් මොකද වෙන්නේ?

වයරින් බාස් වයරින් එක නිසිආකාරව කරලා තියෙනවද කියලා දැනගන්නෙ කොහොමද?

Isolator (Main Switch) Testing

විදුලි මීටරයෙන් පසු ඔබගේ නිවසේ ඇති සියලු විදුලි පරිපථ වල වගකීම ඔබ සතුය. සෑම නිවසකම ප්‍රධාන විදුලි විසන්ධිකය (isolator) සවිකොට ඇත්තේ ඔබ විසින් සිදුකරනු ලබන ඕනෙම විදුලි පරිපථ අලුත්වැඩියාවකදී ඔබේ ආරක්ෂාව සදහා නිවසත් බාහිර විදුලි සැපයුම් පද්දථියත් අතර සම්බන්ධතාව විසන්ධි කීරීමටය. මෙම විදුලි විසන්ධිකයේ ස්විට්ච්ය පහලට දැමුවත් එය අභ්‍යන්තරයෙන් විසන්ධි නොඋනහොත් එය ඔබට ඔබේ ජීවිතය පවා අහිමි කල හැක. මෙය “CONNECTIVITY TEST” සිදුකිරීම මගින් පරීක්ෂා කල හැක.

RCD (Trip Switch) Testing

මෙම විසන්ධිකයෙන් පසුව ඇති ආරක්ෂක උපකරණය වන්නේ trip switch එකය. ට්‍රිප් ස්විට්ච් එකේ ආරක්ෂක ක්‍රියාවලිය කෙටියෙන් කිවහොත්, මෙය මගින් කෙරෙන්නේ යම් කෙනෙක් හෝ උපකරනයක් හරහා විදුලිය පොළොවට යාහැකි මාර්ගයක් විවුර්ත උවහොත් විදුලි සැපයුම විසන්ධි කීරීමය. අනවශ්‍ය විදුලි විසන්ධි වීම වලක්වා ගැනීමට මෙම උපකරණයට උපරිම සීමාවක් හදුන්වා දී තියනවා. විදුලිය මිලි ඇම්පියර් 30 විදුලි ධාරාවක් මිනිසෙකු හරහා ගිය විට සිදුවන හානිය ඉතා අවම වුවත්, වැඩි විදුලි ධාරාවකදී සිදුවන හානිය මෙසේ ගණන් බලා තියනව .

  • මිලි ඇම්පියර් 1 – දැනීමක් පමණයි.
  • මිලි ඇම්පියර් 5 – වීදනාකාරී නොවන පොඩි කම්පනයක්.
  • මිලි ඇම්පියර් 6-30 – වේදනාකාරී කම්පනයක්.
  • මිලි ඇම්පියර් 50-150 – අධික වේදනාවක් , හුස්ම ගැනීමේ අපහසුතා සහ මස්පිඩු හැකිලීම් ඇති වෙන්න පුළුවන්.
  • මිලි ඇම්පියර් 1000-4300 – හදවතේ රිද්මයට ඇතිවන බාධා.
  • මිලි ඇම්පියර් 10 000+ – තාවකාලික හදවත නැවතීම , දරුණු පිලුස්සුම්තු වාල හෝ මරනය සිදුවිය හැක.

සාමාන්‍ය නිවසක ඇති හොද තත්වයේ ට්‍රිප් ස්විට්ච් එකක් මිලි ඇම්පියර් 30 හෝ ඊට වැඩි විදුලි ධාරා වලට ක්‍රියාත්මක වෙන්න තමයි හදල තියෙන්නේ. මිනිසාගේ ආරක්ෂාවට තියන ප්‍රදාන උපකරණය වන්නෙත් මේක. Trip Switch එක නිසිආකාරව ක්‍රියා නොකරොත් ඔබේ ජීවිතය තත්පරයකින් නැති වෙලා යන්න පුළුවන්. “RCD TEST” එක මගින් trip switch එක නිසි ආකාරව ක්‍රියාකරනවද කියලා දැනගන්න පුළුවන්.

MCB (breaker) Testing

Circuit breakers ක්‍රියාත්මක වෙන විදි 2 ක් තියනවා.

සාමාන්‍ය විදුලි ධාරාවට වඩා වැඩි 1-5 වතාවක් වැඩි විදුලි ධාරාවක් යම් කාලයක් ගලා ගිය විට mcb මගින් පරිපථය විසන්ධි විය යුතුය් . මෙය සිදු වෙන්නේ MCBහි ඇති ද්වී ලෝහ පටියේ ක්‍රියාකාරිත්වය නිසිආකාරව සිදුවුනොත් පමනය්. එහි ක්‍රියාකාරිත්වය නිසි ආකාරව සිදු නොවුනොත් වයර් උණු වීම, පරිපථය ගිණි ගැනීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. මේ නිසා MCBවල ඇති ද්වීලෝහ පටිය අදාළ තත්ත්ව යටතේ පරික්ෂා කල යුතුය්. මෙය “MCB Thermal Test” මගින් පරීක්‍ෂා කල හැක.

ඉතා වැඩි විදුලි ධාරාවක් ක්‍ෂණිකව පරිපථය තුලින් ගලා ගිය විට mcb එක මගින් පරිපථය විසන්ධි විය යුතුය්. මෙය සිදු වෙන්නේ MCBහි ඇති විද්‍යුත් චුම්භකයේ ක්‍රියාකාරිත්වය නිසිආකාරව සිදුවුනොත් පමනය්. එහි ක්‍රියාකාරිත්වයත් නිසි ආකාරව සිදු නොවුනොත් වයර් උණු වීම, පරිපථය ගිණි ගැනීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. මේ නිසා MCBවල ඇති විද්‍යුත් චුම්භකයද අදාළ තත්ත්ව යටතේ පරික්ෂා කල යුතුය්. මෙය “MCB Magnetic Test” මගින් පරීක්‍ෂා කල හැක.

මෙහිදී තවත් වැදගත් දෙයක් මතක් කල යුතුය්. MCB (Breaker) යොදල තියෙන්නේ විදුලි පරිපථයේ ආරක්ෂාවට. MCB එක නිසිආකාරව ක්‍රියාකලත් වයර් ගිණිගැනීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එසේ නොවීමට MCBඑකේ rating එකට වඩා වැඩි rating එකක් තියෙන වයර් හැම විටම පාවිච්චි කරන්න ඕනි. එවිට තමය් Breaker එක මගින් වයර් ආරක්ෂා වෙන්නේ. එහෙම නැති උනොත් breaker එක off වෙන්න කලින් වයර් එක ගිණිගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් වයරින් බාස්ලා කරන වැරද්දක් තමය් නිසි අවබෝධයකින් තොරව නොගැලපෙන Breaker සහ වයර් සවි කිරීම. මෙය “MCB-Wire Eye Inspection Test” එක මගින් පරීක්‍ෂා කල හැක.

Insulation Testing

වතුර බටයක දුර්වල ස්ථානයකින් වතුර කාන්දු වනවා වගේම, වයරයක පරිවරණයේ ඇති දුර්වල ස්ථානවලින් විදුලිය කාන්දු වෙන්න පුළුවන්. මෙය විදුලි පරිපත වලට වගේම යන්ත්‍ර වලටත් ඉතා අහිතකර වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙම INSULATION TEST එක හරහා ඔබට ඔබේ නිවසේ විදුලි පරිපථයේ පරිවරණය(insulation) සාධනීය මට්ටමක තියෙනවද කියලා පරික්ෂා කරගන්න පුළුවන්.

වයරින් එක කරලා කාලයක් ගත වෙද්දී වයර් අධික තාපයට, අධික සිසිලසට, තෙතමනයට, දෙදරීමට, දුහුවිල්ලට, තෙල්වලට, ලුණු වාෂ්පවලට නිරාවරණය වෙන්න පුළුවන්. එවිට වයරයේ පරිවරණය දුර්වල තත්වයට පත් වී ඉහත සදහන් කල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ නිසා වසර 3කට සැරයක් වත් INSULATION TEST එක කර ගැනීම අනිවාර්යය්.

Earth Fault Loop Impedance Testing

earth කූර පොලවේ ප්‍රතිරෝධය(impedance) වැඩි තැනකට ගහලා තිබ්බත් එය ක්‍රියා කරනවා නමුත් trip switchඑක ක්‍රියාත්මක වී පරිපථය විසන්ධි වීමට යන කාලය වැඩිය්. මිලිතත්පර ගණනක් විසන්ධිවීම ප්‍රමාද වීමකින් පවා ජීවිත හානි ඇති වෙන්න පුළුවන්. මේ නිසා Earth fault loop impedance test එක කරලා බාස්ගෙන් ගෙදර බාරගන්න කලින් ට්‍රිප් ස්විචය නිසිආකාරව නිසි වේගයෙන් වැඩ කරනවද කියලා බලාගන්න එක නුවණට හුරුය්.

Polarity Testing

Live සහ Neutral මාරු උනාට අවුලක් නෑ කියල තමය් ගොඩක් වයරින් බාස්ලා හිතාගෙන ඉන්නේ. පරිපථය නිසි ආකාරව වැඩ කරනවනම් ඇත්තටම මෙය ප්‍රශ්නයක් නෙමෙය්. පරිපථයේ කිසියම් දෝෂයක් පැමිණිවිට MCB (breaker) මගින් Live connectionඑක පමණය් විසන්ධි කරන්නේ. නමුත් Live සහ Neutral මාරු වෙලා තිබ්බොත් විසන්ධි වෙන්නේ Neutral connection එක පමණය්. ඒ කියන්නේ Live connection එක කිසිම බාධාවකින් තොරව තවමත් විදුලි උපකරණය වෙත පැමිණෙනවා. අවධානම හිතාගන්න පුළුවන් නේද? මේ අවධානම මග හරවාගන්න පුළුවන් Polarity test එක කරලා එන ප්‍රථිපල බලලා වරදක් තිබුනොත් නිවැරදි කිරීමෙන්.

Voltage Drop Testing at Outlet

කාර්යක්‍ෂමතාවය ඉහල නැoවීම සදහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව උපරිමය 5%ක වෝල්ටීයතා බැස්මක් (230v±5%) සදහා පමණක් අවසර ලබාදී තිබෙනවා. මෙය සාධනීය මට්ටමක තිබෙනවද කියල “voltage drop testing at outlet” කියන test එක කරලා දැනගන්න පුළුවන්.

රජයෙන් අලුතෙන් හදන ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්ගෙන් බාරගන්න කලින් නම් විදුලි එන්ජිනේරුවෙකුගේ වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කරලා තියෙනවා. ඊට හේතුව මෑත කාලයේදී රජයේ ගොඩනැගිලිවල සුලබව හටගත් ගිනිගැනීම් ඉදිරියේදී හට නොගැනීමට වග බලා ගැනීම.

අවධානමට පෙර සුදානම හොදය් කියලා කියනවනේ.. ඒ නිසා,

  • ඔබේ නිවස, කාර්යාලය බාස් කෙනෙක්ට කියල වයරින් එක කරගත්තා නම් බාස්ගෙන් වයරින් එක බාරගන්න කලින් අනිවාර්යයෙන්ම මේ test ටික කරගන්න. එතකොට වැරදි තිබ්බොත් ඔහුටම කියල ඒ වැරදි නිවැරදි කරගන්න පුළුවන් (අමතර වියදමක් නැතුවම).
  • ඔබේ නිවසේ, කාර්යාලයේ වයරින් එක දැන් වසර 3කට වඩා පරණය් නම් අනිවාර්යයෙන්ම මේ test ටික කරගන්න.

එවිට ඔබේ නිවසේ උපකරණවලට වන හානි, ගිණි ගැනීම්, විදුලි සැර වැදීමෙන් සිදුවන ජීවිත හානි සියල්ලෙන්ම අත් මිදෙන්න පුළුවන්.

අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ විට සිදුවන්නේ කුමක්ද ?

 

මොකක්ද surge එකක් කියන්නෙ??

surge එකක් කියන්නේ overvoltage spike එකක්. ඒතකොට අකුණක් නිසා විදුලි රැහැන්වලින් එන overvoltage spike එකටත් කියන්නේ surge එකක් කියලා තමයි.

කොහොමද මේ surge ඇතිවෙන්නේ??

හැමෝම දන්නේ අකුණක් වයර් එකකට කෙලින්ම ගැහුවම surge එකක් ඇති වෙනවා කියල තමය්. නමුත් ඒ නිසා විතරක් නෙමෙය් surge ඇතිවෙන්නේ. current wire එකක් ලගින් යන ගහකට අකුණක් ගැහුවත් current wire එකේ surge එකක් ප්‍රේරණය වෙන්න පුලුවන්. තව ගෙවල්වල, කර්මාන්තශාලාවල වගේ තියෙන විශාල load (උදාහරණ විදිහට machine, A/C, මෝටර්, Geyser) On/Off කරද්දිත් මේ surge ඇතිවෙලා විදුලි පරිපථයට සහ විදුලි උපකරණ වලට හානි වෙන්න පුලුවන්.

Surge එකක් විදුලි පරිපථයට ඇතුලු වුනොත් මොකද වෙන්නෙ??

ලංකාවේ පාවිච්චි කරන ගෘහවිදුලි උපකරණ සෑම එකක්ම වගේ 230v වොල්ටීයතාවෙන් තමය් වැඩ කරන්නෙ. ඉතින් මේ කලින් විස්තර කරපු surge එකක් පරිපථයට ආවම ඉතා විශාල වෝල්ටීයතාවයක් හා ධාරාවක් මය්ක්‍රො තත්පර කිහිපකයට පරිපථයට ඇතුල් වෙනවා. ඒ මය්ක්‍රො තත්පර කිහිපය ඇති ඔබේ නිවසේ, කාර්යාලයේ තියෙන විදුලි උපකරණ (laptops,TV ,geyser, වොෂින් මැෂින්, මෝටර්, ලය්ට්,music players…) ඔක්කොම පිච්චිලා යන්න. සමහර අවස්ථාවලදි මේ උපකරණ ගිනි ගන්නත් පුලුවන්. Surge එකක් ඇවිල්ලා මේ උපකරණ පිච්චුනොත් ඔබට warranty හිමි වෙන්නෙත් නෑ!! නිකමට හිතලා බලන්නකො ඔබේ ගෙදර, කාර්යාලයේ ලක්‍ෂ කීයක විදුලි උපකරණ, ලය්ට් තියෙනවද කියල. කොහොමද මේ ඔක්කොම එක පාර පිච්චිලා ගියොත්?? ඒ ගැන නම් හිතන්නවත් එපා නේ??

අවුරුද්දකට ගෙවල්,කාර්යාල කීයක විදුලි උපකරණ පිච්චෙනවා ඇතිද අකුණු නිසා??

අපිට ලැබිලා තියෙන දත්ත අනුව බස්නාහිර පළාතේ පමණක් ගිය වසරේ අකුණු ගැසීම් නිසා පමණක් නිවෙස්, කාර්යාල 9000ක පමණ විදුලි උපකරණ විනාශවෙලා තියෙනවා. විනාශ වුනු විදුලි උපකරණ වල වටිනාකම රුපියල් මිලියන 1800ක් පමණ කියල තමය් ආරංචි.

කොහොමද මේ surgeවලින් පරිපථය හා උපකරණ බේරගන්නේ??

හොද UPSවලනම් ගොඩක් වෙලාවට surge protection තියෙනවා. (රුපියල් 4000ට, 5000ට ගන්න Chinese UPSවල නම් surge protection නෑ) ඒ කියලා ගෙදර හැම තැනකටම UPS සවි කරන එක නම් ප්‍රායෝගික නෑ මොකද එහෙම හය් කරන්න ගියොත් UPS 10,20ක් ඕනි වෙනවා, වියදමත් වැඩිය්. ඊට වඩා කාර්යක්ෂමව අඩු වියදමකින් මුලු ගෙදරම ආරක්ෂා කරගන්න Distribution Board එකට සවිකරන Surge Protection Device (SPD) දැන් වෙළදපොලේ තියෙනවා. මෙවැනි Surge Protection Device (SPD) එකක් සවිකරගත්තොත් ඔබට නිවසේ විදුලි බල්බයේ සිට සෑම විදුලි උපකරණයක්ම ආරක්ෂා කරගන්න පුලුවන්.

කොහොමද Surge Protection Devices වැඩ කරන්නෙ??

Distribution Board එකේ සවි කරලා තියෙන Surge Protection Device එකෙන් current wire හරහා එන surge current නිවසේ පරිපථයට ඇතුලු වෙන්න කලින්ම භූගත කරනවා. එවිට නිවසේ මුලු පරිපථයම සහ එයට සවිකර ඇති devices 100% ආරක්ෂා කරනවා. මෙහි යාන්ත්‍රනය පිළිබද වැඩිදුර විස්තර ඕනිනම් පහල තියෙන video link එකට ගිහිල්ලා බලන්න පුළුවන්.. https://www.youtube.com/watch?v=33XBMj9jHHc

ඔබේ නිවසෙ, කාර්යාලයෙ Surge Protection Devices (SPD) සවිකරලා තියෙනවද කියල කොහොමද දැනගන්නේ??

ඔබේ නිවසේ තියෙන Distribution Board එක විවෘත කරලා බලන්න MCB(breaker), Trip Switch, Main Switch වලට අමතරව Surge Protection Device (SPD) එකක් තියෙනවද කියලා.

Safety Precautions When Working With Electricity

• Avoid water at all times when working with electricity. Never touch or try repairing any electrical equipment or circuits with wet hands. It increases the conductivity of electric current.

Never use equipment with frayed cords, damaged insulation or broken plugs.

• If you are working on any receptacle at your home then always turn off the mains. It is also a good idea to put up a sign on the service panel so that nobody turns the main switch ON by accident.

• Always use insulated tools while working.

• Electrical hazards include exposed energized parts and unguarded electrical equipment which may become energized unexpectedly. Such equipment always carries warning signs like “Shock Risk”. Always be observant of such signs and follow the safety rules established by the electrical code followed by the country you’re in.

• Always use appropriate insulated rubber gloves and goggles while working on any branch circuit or any other electrical circuit.

• Never try repairing energized equipment. Always check that it is de-energized first by using a tester. When an electric tester touches a live or hot wire, the bulb inside the tester lights up showing that an electrical current is flowing through the respective wire. Check all the wires, the outer metallic covering of the service panel and any other hanging wires with an electrical tester before proceeding with your work.

• Never use an aluminum or steel ladder if you are working on any receptacle at height in your home. An electrical surge will ground you and the whole electric current will pass through your body. Use a bamboo, wooden or a fiberglass ladder instead.

• Know the wire code of your country.

• Always check all your RCCD(Trip Switch) once a month. It is designed to disconnect quickly enough to avoid any injury caused by earth leakage faults.

• Always use a circuit breaker or fuse with the appropriate current rating. Circuit breakers and fuses are protection devices that automatically disconnect the live wire when a condition of short circuit or over current occurs. The selection of the appropriate fuse or circuit breaker is essential.

• Working outside with underground cabling can be dangerous. The damp soil around the cable is a good conductor of electricity and ground faults are quite common in the case of underground cabling. Using a spade to dig at the cable can damage the wiring easily so it is better to dig at the cable by hand while wearing insulated gloves

• Always put a cap on the hot/live wire while working on an electric board or service panel as you could end up short circuiting the bare ends of the live wire with the neutral. The cap insulates the copper ends of the cable thus preventing any kind of shock even if touched mistakenly.

Electric Shock First Aid Treatment

  • The first step is to separate the person from the source of electricity as quickly as possible. The best way of doing this is to turn off the supply, for example, by unplugging the appliance or by turning the mains off at the fuse box (consumer unit).

If this isn’t possible, then try to remove the source of electricity from the person using a piece of insulating material, such as a length of wood.

  • NEVER touch the person receiving the electric shock, or you could suffer one too.
  • After removing the person from the source of electricity, if the person is unconscious call for an ambulance immediately. Only those with the necessary knowledge and skill should carry out first aid.
  • Where the person is conscious and seems well, it is still advisable to monitor their condition, as the effects of an electric shock may not be immediately obvious. In worst case conditions, an electric shock may lead to a condition known as electroporation, where cells within the body rupture, leading to tissue death. Additional problems might include deep-seated burns, muscle damage and broken bones.
  • Use an RCD. Using an RCD will help to protect you from dangerous electric shocks. Although not a guarantee of absolute safety, it limits the time current can flow through the body if a person comes into contact with a live source of electricity.
  • We strongly recommend that anyone using electrical appliances in the garden ensures that they are protected by an RCD, preferably one fitted in the main household fusebox.
  • Alternatively, a dedicated RCD-protected socket or a plug-in RCD should be used.